hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2022 මැයි 10, ප.ව. 2:21



කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ චෝදනාවට ලක් වී ඇති දේශපාලනඥයන් පැන යාම වැලැක්වීමට කටුනායක ගුවන් තොටුපළ පිවිසුම ඉදිරිපිට තරුණයන් පිරිසක් අද (10) දින අලුයම සිට රැකවල් ලා සිටීමට පියවර ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙම තරුණයන් අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන තරුණයන්, ප්‍රදේශවාසීන්, උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ද එක් වී සිටිනවා.

මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත යන සියලුම රථවාහන දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව පමණක් ගුවන් තොටුපළ වෙත යෑමට අවකාශය ලබා දෙමින් සිටිනවා.