hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 මාර්තු 02, ප.ව. 2:50



ගොවීන්ට ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඉන්ධන අද සිටම ගොවීන්ට ලබාදීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහා භාවිත කිරීමට ඩීසල් ලීටර් මිලියන 6.98ක් චීන රජය විසින් නොමිලයේ පරිත්‍යාග කර තිබුණා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් සදහා අදාල ටෝකන් පත් නිකුත් කර අවසන් කර ඇති අතර කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක පහකට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට නියමිතයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව අද දින සිට සියලුම ගොවීන්ට නම් කරන ලද පිරවුම්හල්වලින් එම ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.