hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 05, ප.ව. 3:30



සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය ඊයේ (04) පැවසුවා.

උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිද ගැහැණු දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි.

අදාල කාන්තාව දරුවා ඉස්සන් ටැංකිය අසලට රැගෙන විත් ඉන් පසුව එකවර එම ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව පොලිස් පරික්ෂණෙවලදි හෙළිවි තිබෙනවා.

ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපලේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියේ දඟලන දැක එයට පැන බේරා ගෙන ඇති බව කියයි.