hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 08, ප.ව. 3:49



ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව අලුත් කිරීමේ මෙතෙක් පැවැති ඉරිදා දිනය අද (08) සිට සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රීයට වෙනස් කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඉන්ධන කෝටාවේ ඉන්ධන ප්‍රමාණය තවදුරටත් නොවනස්ව පවතින බව ද එම අමාතයංශය සඳහන් කළා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ සති අන්තවල ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට මෙම පියවර ගත් බවත් ඉදිරිදා දිනයේ ඉන්ධන කෝටාව මාරුවීමට අවශ්‍ය සැපයුම ලබාදීමේදී එම ආයතන දෙකේ අතිරේක දීමනා ඉහළ යෑම එයට හේතුව බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවා.