hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 මැයි 11, පෙ.ව. 10:11



වගකිවයුත්තන් සියලු දෙනාට එරෙහිව නීතිය වහා ක්‍රියාත්මක කරනැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පොලිස් මූලස්ථානයට ඊයේ (10) පැමිණිල්ලක් ගොනු කළා.

එකී තත්ත්වය ඇතිවීමට අනියම් අනුබල දීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් වගකීම භාරගත යුතු බවත් මහජන ආරක්ෂාවේ වගකීම පැවරී ඇති ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැඩිව තම වගකීම් පැහැර හැර ඇති බව තම සංගමය නිරීක්ෂණය කර ඇතැයි එම සංගමය පැමිණිල්ලේ සදහන් කොට තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සනත් නිශාන්ත ඇතුළු මහජන නියෝජිතයන් අරලියගහ මන්දිරය වෙත කැදවා ඔවුන් සංවිධානාත්මකව මහජනතාවට පහර දීමට පොලඹවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන ලද අතර, බස්නාහිර පලාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද ඔවුන් සමග ගමන් කළ බවත් රූප රාමුවලින් නිරීක්ෂණය වන බවද එහි සදහන් වෙනවා.