hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 11, ප.ව. 2:51



කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතර කර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබෙනවා.

26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (10) රාත්‍රී 7.00ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය කළ විමර්ශන මඟින් මොවුන් සොයාගෙන තිබෙනවා.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඊයේ මෙලෙස දරුවා දුම්රිය තුළ දමාගොස් තිබෙනවා.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසනවා.