2023 මාර්තු 18, ප.ව. 2:30
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 144 වන නිල් මහා සටන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (17) දෙවැනි දිනටත් පවත්වද්දී තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්වී සිටියා.ඔහු අසළ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාද හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී රවී කරුණානායක මහතාද අසුන් ගෙන සිටියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.
අද දිනය නිමා වනවිට කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවි ලකුණු 168 ක් රැස්කරගෙන සිටියා.





2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16