hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 මාර්තු 20, පෙ.ව. 11:50


18 වංගුවේ 02වන වංගුව යළි විවෘත කෙරේ

පස් කදු සහ ගල් කඩා වැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව විවෘත කර තිබෙනවා.

18 වංගුවේ දෙවන වංගුව ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ පස් කදු සහ ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.

මේ වන විට මාර්ගයේ පස් කදු සහ ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බව හසලක පොලීසිය පැවසුවා.