2022 මැයි 11, ප.ව. 5:27
යළිත් ඉන්ධන අර්බුධයක් ඇති වෙන බවට වාර්තා පළ වෙනවා.
ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ බෙදා හැරීමේ කටයුතු අඩපණ වීමයි.
ඒ අනුව දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නතර වී ඇති බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග පවසන්නේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නතර කළ බවයි.
මේ වන විට ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන හල් වසා දමා තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙන අතර සමහර ඉන්ධන හල් වල ඉන්ධන නොමැති බවද ඉන්ධන හල් හිමිකරුවන් සඳහන් කළා.
පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ වුවද ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ කොටගල තෙල් ගබඩා සංකීර්ණය මඟින් එම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ඩිසල් සහ පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු අද (11) දින සිදු කර තිබෙනවා.
ඇඳිරි නීතිය හමුවේ වුවද අත්‍යවශ්‍ය සේවා කටයුතු සදහා ඉන්ධන නිකුත් කරන බවත්, ඇඳිරි නිතිය ඉවත් කිරිමෙන් පසු වාහන වලට අවශ්‍ය ඩිසල් සහ පෙට්‍රල් නිකුත් කිරිමට හැකි බවත් හැටන් ඉන්ධන පිරවුම්හල් සේවකයින් ඒෂියන් මිරර් වෙත කියා සිටියා.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07