2023 මාර්තු 24, ප.ව. 12:19
            
බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.
ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.
ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.
ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.
ත්‍රිකලා නැවතත් ඇගේ නිරූපණ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක Fashion show එකක් පවත්වලා තිබුනා.
එහිදී එක්තරා විශේෂ කෙනෙක් ගැන එම පුද්ගලයාගේ ධෛර්ය ගැන ත්‍රිකලා හැමෝටම පැවසුවා.
ඔහු නමින් රිස්වාන්. රිස්වාන් කියන්නේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක්.
රිස්වාන් සමාජයේ විවිධ විවේචන අවලාද මැද තමන්ගේ ගමන යන දිරිය තැනැත්තෙක්.
මෑතකදී ඔහු යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙලා තිබුනා.
“අපිව සමාජයෙන් කොන් කරනවා. විහිළු කරනවා. ඕනේ නැති වචනවලින් කතා කරනවා. මං වගේ කට්ටියට ජීවත් වෙන්න ගොඩක් මාර්ග තියෙනවා කියලා මට පෙන්නන්න ඕනේ. ඉස්සර මම සංවේදී. හරිම බයයි. ‘මෙහෙන් යනවා” කිව්ව ගමන් මම බය වෙලා යනවා. එහෙම ගෙවල් 20ක් 25ක් විතර මම මාරු වෙලා ගිහින් තියෙනවා. බල්ලෙක්ට සලකන විදිහටවත් අපිට සලකන්නේ නැහැ. බස් එකේ ඉඳගත්තාම මට එහා පැත්තෙන් කවුරුත් වාඩි වෙන්නේ නැහැ. මගේ ඉලක්කය ලොකු සැළුන් එකක් දාලා ඒකේ වැඩ හොඳින් කරගෙන යන එක.”
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25