hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20



මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“මන්නාරම කියන්නේ සම්පත් ආකරයක්. ස්වභාව ධර්මයෙන්ම ලැබිච්ච මහා සම්පත් ගොඩක් තියෙන තැනක්. ලුණු විතරක් නෙවෙයි ඛනිජ සම්පත් ගොඩක් තියෙනවා මන්නාරමේ.

ඒ විතරක් නෙවෙයි දැන් රජය තීරණයක් අරන් තියෙනවා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සහ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් පසුගිය දවසක ගිවිසුම අත්සන් කළා.

දැන් අපි ලෑස්තියි ගවේෂණ කටයුතු ආරම්භ කරන්න. එහෙම වුණොත් එහෙම, ලංකාවේ තෙල් අර්බුදය සහ ගෑස් අර්බුදයට උත්තර හොයන්නේ ඔබේ දිස්ත්‍රික්කයෙන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: