hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 04, ප.ව. 12:10



සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නව මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පස් අවුරුදු ධූර කාලයක් සඳහා පත් කර තිබෙනවා.

ඒ සඳහා ඔහු පත්කරනු ලැබූවේ පසුගියදා අභාවප්‍රාප්ත වූ මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගෙන් හිස් වූ කුලපති තනතුර වෙනුවෙන්.

දැනට 73 වන වියේ පසුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ගේ‍යපද රචකයෙක් මෙන්ම ග්‍රන්ථ කතුවරයෙක් ද වෙනවා.

එමෙන්ම ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානව ශාස්ත්‍ර පීඨයෙහි මහාචාර්‍යවරයෙකු ලෙසද සේවය කරනු ලැබුවා.