hit counter

2025 මැයි මස 25 වන ඉරිදා

2023 අප්‍රේල් 06, පෙ.ව. 4:27



පළාත් සභා හයක ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ උතුර යන පළාත් සභා සඳහා එම ගුරුවරුන් බඳවා ගන්නා බවද එම අමාත්‍යාංශය පවසන්නේ.

මේ වසර (2023) වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව එම පළාත්වල ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.