hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 06, පෙ.ව. 4:33



පූර්ව දැනුම් දීමකින් තොරව රට පුරා යම් යම් ස්ථානවල විදුලිය කපා හැරීම් සිදුවන බවට විදුලිය පාරිභෝගිකයින් විදුලිබල මණ්ඩලයට පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

ඇතැම් ප්‍රදේශවල විදුලිය කපා හැරීම අලුත්වැඩියාවක් සඳහා බවට දැනුම්දීම් කළත් බොහෝමයක් ප්‍රදේශවල හිටි හැටියේ විදුලිය කපා දැමීම සිදුවන බවයි වාර්තා වන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ වන විට විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 60 ක ප්‍රමාණයක් ඉන්ධන හා ගල් අඟුරුවලින් ද සියයට 31 ක් ජල විදුලියෙන් ද සියයට පහක ප්‍රමාණයක් පෞද්ගලික බලාගාරවලින් හා පුනර්ජනනීය බලශක්තියෙන් ද සපයා ගනු ලබන බවයි.

ජලාශ්‍රවල ජලමට්ටම සීග්‍රයෙන් පහළ බසිමින් පවතින අතර මේ වන විට කාසල්රී සියයට 27 ක්ද, මාඋස්සාකැලේ සියයට 28 ක්ද කොත්මලේ සියයට 17 ක්ද, වික්ටෝරියා සියයට 45 ක්ද දක්වා ජල මට්ටම පහළ බැස ඇති බව ද වාර්තා වනවා.

මේ අතර පසුගිය සතියේ අක්‍රිය වූ නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රය පසුගිය බ්‍රහස්පතින්දා සිට යළි ක්‍රියාත්මක කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: