2023 අප්‍රේල් 08, පෙ.ව. 6:19
අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී ‘ලිස්සන ගස’ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් එමගින් අනතුරක් සිදු වූයේ නම් එහි වගකීම උත්සවයේ සංවිධායක මණ්ඩලයට මුළුමනින්ම පැවරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.
ලිස්සන ගස් සවි කිරීමේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය කළ යුතු අතර, ලිස්සන ගසක් කඩා වැටී යම් අනතුරක් හෝ දිවි තොරවීමක් සිදුවුවහොත් එය වරදක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංවිධානය කරන අවුරුදු උත්සව පොලිස් ස්ථාන සමග නිසි සම්බන්ධීකරණයක් සහිතව පවත්වන ලෙසත් සංගීත සංදර්ශන පවත්වන්නේනම් ඊට පෙර පොලිස් ස්ථානවලින් අවසර ලබාගෙන තිබිය යුතු බවත් කී හෙතෙම හිතුමතේ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර නොදෙන බවද සඳහන් කර සිටියා.
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:15