hit counter

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 13, පෙ.ව. 2:22



ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව හා දෙමළ ජනතාවගේ පැවැත්ම  ආරක්ෂා කිරීමේ අරමුණින් පොදු සංවිධාන එකමුතුවක් පිහිටුවාගෙන තිබෙනවා.

උතුරු නැඟෙනහිර පළාත් නියෝජනය කරනු ලබන දෙමළ දේශපාලන පක්ෂ හතක් හා සිවිල් සංවිධානවල සහභාගිත්වයෙන් මෙම එකමුතුව පිහිටුවා තිබෙනවා.

මෙම එකමුතුව පිහිටුවා ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා (10) වවුනියාවේදී පැවැත්වුණු අතර එහිදී විශේෂ කමිටු දෙකක් පිහිටුවා ගනු ලැබූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවැසුවා.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ඉඩම් ආක්‍රමණ වැළැක්වීම, උතුරු නැඟෙනහිර පළාත් බෞද්ධකරණය කිරීම වැළක්වීම යන අරමුණු වෙනුවෙන් සාමාජිකයන් 7 දෙනකුගෙන් යුත් එක් එකමුතුවක්ද ආණ්ඩුව විසින් ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට හා යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිවත් අඛණ්ඩ විරෝධතාවක් සංවිධානය කිරීමට තවත් එකමුතුවක්ද පිහිටුවාගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාවට ඊ.පී.ආර්.එල්.එෆ්. දෙමළ ජාතික පක්ෂය, ප්ලොට්, ටෙලෝ , ඉලංගෙයි තමිල් අරසු කච්චි, තමිල් මක්කල් තේසීය කුට්ටනි යන දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් හා ආගමික සංවිධානවල නියෝජිතයෝ සහභාගිී වී තිබුණා.