2023 අප්‍රේල් 13, ප.ව. 8:56
අද (13) සහ හෙට දිනවල අධික උෂ්ණත්වයක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකිරීම හේතුවෙන් කිරිදෙනුන් සෑම විටකම සෙවන සහිත ස්ථානයක රඳවා තැබීමට කටයුතු කරන ලෙස මිල්කෝ සමාගම දිවයිනේ කිරි ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එසේම හැකිතාත් එම සතුන්ට ජලය ලබාදීමට පියවර ගන්නා ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටියේ.
බස්නාහිර, දකුණ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල, මුලතිව්, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අද සහ හෙට දිනවලදී ඉතා අධික උෂ්ණත්වයක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:15