2023 අප්‍රේල් 15, පෙ.ව. 12:49
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවද එහි දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවද කාළගුණ අනාවැකියේ සඳහන් වෙනවා.
අද (15) දහවල් 12:10 ට නල්ලුර්, පරන්තන් සහ චුන්ඩික්කුලම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බවද වැඩිදුරටත් සඳහන්.

2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:15