hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 18, ප.ව. 12:04



වයඹ පළාතේ පොල් වගාකරුවන්ට ඔවුන්ගේ වගාව රිළව් ඇතුළු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ලබාදී තිබූ තුවක්කු 375ක බලපත්‍ර අහෝසි කර එම තුවක්කු ආපසු ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.

අමාත්‍යාංශය එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ වගාව ආරක්ෂා කරගැනීමට දුන් එම තුවක්කුවලින් ඒවා ලබාගත් දින සිට මේ දක්වා එක වෙඩිල්ලක්වත් පත්තු කර නොමැති නිසායි.

මේ හේතුව නිසා තුවක්කු සමඟ බලපත්‍රවලට ලබාදී තිබූ පතරොම්ද ආපසු ගැනීමට අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.