hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 12:45



සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින්තැනසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවද එහි සදහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.