2023 අප්‍රේල් 22, පෙ.ව. 12:06
සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, නැගෙණහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර සහ දකුණ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

2026 අගෝස්‍තු 04, ප.ව. 5:26
2026 අගෝස්‍තු 04, ප.ව. 4:10
2026 අගෝස්‍තු 04, ප.ව. 3:55
2026 අගෝස්‍තු 04, ප.ව. 3:50
2026 අගෝස්‍තු 04, ප.ව. 3:09