hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 23, පෙ.ව. 1:15



පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.

කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ඒ බව සඳහන් කළා.

‍‍ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ගැබිනි මව්වරුන් එළියට යෑමෙන් වළකින්න. ඔවුන් නිවසින් බැහැරව දහවල් කාලයේ යෑමෙන් වැළකිය යුතුයි. පුළුවන් තරම් නිවෙස්වලම රැඳීසිටින්න. සාමන්‍යයෙන් වතුර ලීටර් 2ක් ගන්නවා නම් වතුර ලීටර් 3ක් 4ක් විතර ගන්න. මොකද මේ අධික රස්නය නිසා ඔබ විජලනයට පත්වෙන්න පුළුවන්.”