2023 අප්‍රේල් 24, ප.ව. 6:33
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
6 ශ්‍රේණිය සඳහා මෙය අදාළ නොවන බවද එහි සඳහන්.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇති බව දන්වා තිබෙනවා.
එබැවින් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මින් ඉදිරියට ලිපි නිකුත් නොකරන බවද එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.
2025 මැයි 11, පෙ.ව. 12:30
2025 මැයි 11, පෙ.ව. 12:28
2025 මැයි 11, පෙ.ව. 12:21
2025 මැයි 11, පෙ.ව. 12:18
2025 මැයි 11, පෙ.ව. 12:13