2023 අප්‍රේල් 26, පෙ.ව. 7:15
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස , ඒ.එස් ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාතේ සිට අපරාධ හා රථවාහන ලෙස, එස්.පි මැදවත්ත මහතා සහයක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමේ සිට දකුණු පළාත භාරව, ඩබ්ලිව් කේ ජයලත් මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාරව, ආර්.එස් කොඩිතුවක්කු මහතා වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා සිට සිට සහායක සේවා ලෙස, අජිත් රෝහණ මහතා දකුණු පළාත පාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස, එල්.කේ.ඩබ්ලිව්. කේ සිල්වා මහතා අපරාධ හා රථවාහන සිට වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ලෙස පත් කර තිබෙනවා.
“ජාතික පොලිස් කොමිසම් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාවය මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් එම ස්ථාන මාරුවීම් අනුමත කර ඇති බව මෙයින් නියෝග කරමි” බවට සඳහන් ලිපියක් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා.
2026 අගෝස්‍තු 04, ප.ව. 5:26
2026 අගෝස්‍තු 04, ප.ව. 4:10
2026 අගෝස්‍තු 04, ප.ව. 3:55
2026 අගෝස්‍තු 04, ප.ව. 3:50
2026 අගෝස්‍තු 04, ප.ව. 3:09