hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 10:35



ස්වාධීන රූපවාහිනි මාධ්‍යවේදිනියකට ආයතනයේ ප්‍රධානියෙකු විසින් කරනු ලැබ බව කියන බලපෑමක් සම්බන්ධයෙන් පසුගිය දා සමාජ මාධ්‍යවල පළ වී තිබුණු සිද්ධිය පිළිබඳව සොයා බැලීමට නීතිඥවරියකගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත්කළ බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) පැවසුවා.

එම කරුණ පිළිබඳව ස්වාධීන රුපවාහිනි ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා තමාට දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අදාළ මාධ්‍යවේදිනියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබුණ ද ඇය එවැනි පැමිණිල්ලක් මෙතෙක් කර නැති බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවා.