hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 26, ප.ව. 3:42



මේ වන විට ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වී තිබෙනව ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර එම ආයතනයේ ප්‍රධානියෙකු හට එල්ල කර තිබෙන ලිංගික අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වෙන බවට ස්වාධීන රූපවාහිනී සේවය ඇයට ලිඛිතව දන්වා තිබෙනවා.

ඒ අනුව එළැඹෙන මැයි මස 04 වනදා උදෑසන 10.00 ට ඇයට ආයතනය වෙත පැමිණෙන ලෙසත් එහිදී ඇය සතුව ඇති හඩපට හෝ වීඩියෝ පට, විද්‍යුත් පණිවුඩ හෝ චෝදනාව ඔප්පු කිරීමට ඇය සතුව ඇති වෙනත් සාක්ෂි රැගෙන එන ලෙසට ලිපියෙහි සදහන්.

අදාළ මූලික විමර්ශනය ජ්‍යෙෂ්ඨ නීතිඥ ස්වීනා චෑන් මහත්මිය විසින් පවත්වන බවත් එය ස්වාධීන රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේ පැවැත්වෙන බවද ඉෂාරා දේවේන්ද්‍ර මහත්මිය වෙත දන්වා තිබෙනවා.