hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 29, පෙ.ව. 3:12



අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය බලපෑම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔබගේ නිවෙස සිසිල්ව තබා ගන්නා අතර බාහිර උෂ්ණත්වය ඉහළ ගිය විට කවුළු වසා දැමීමත්,බාහිර උෂ්ණත්වය නැවත අඩුවූ විට කවුළු විවර කිරීම හා නිරතුරුව සිසිල් ජලයෙන් ස්නානය කිරීම වඩාත් සුදුසු බවයි.

වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඔවුන් පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය කාර්යාංශය එම නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

තවද අධික පිපාසය, තොල් කට වියළීම, තද පැහැ මුත්‍රා පිටවීම, මුත්‍රා පිටවීමේ වාර ගණන හෝ ප්‍රමාණය අඩු වීම සහ ඔබට ක්ලාන්ත බවක්, රෝගී බවක් හෝ විජලන තත්ත්වයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගතයුතු බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් එම නිවේදනයෙන් දක්වා තිබෙනවා.