2023 අප්‍රේල් 28, ප.ව. 6:25
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි සිට අද (28) පස්වරු 04.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණෙමින් තිබූ ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන් යානය , මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය අද (28) පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වූ බවට තමන් වෙත වාර්තා වූ සැනින් , මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත යොමු කරන බව මත්තල ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.
2026 අගෝස්‍තු 04, ප.ව. 5:26
2026 අගෝස්‍තු 04, ප.ව. 4:10
2026 අගෝස්‍තු 04, ප.ව. 3:55
2026 අගෝස්‍තු 04, ප.ව. 3:50
2026 අගෝස්‍තු 04, ප.ව. 3:09