2023 අප්‍රේල් 30, පෙ.ව. 3:41
            
පවතින දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ද්‍රවිඩ ජාතිකයින් සත් දෙනෙකු ඉන්දියාව වෙත ගොස් තිබෙනවා.
මෙම ද්‍රවිඩ ජාතිකයින් 28 වනදා අලුයම ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බවයි ඉන්දීය පුවත් සේවය වාර්තා කළේ.
මෙලෙස පැමිණ පිරිස පවුල් දෙකකින් යුත් පිරිසක් බවටත් හෙළිව තිබෙනවා.
කිරි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ මිල ගණන් යටතේ ශ්‍රී ලංකාව තුළ අලෙවි වීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස ඉන්දියාවට ගොස් ඇත්තේ.
මොවුන්ගේ කණ්ඩායමේ බිළිඳෙකු ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.
කිරි ලීටරයක් ශ්‍රී ලංකා රුපියල් 350කටත්, සහල් කිලෝවක් ශ්‍රී ලංකා රුපියල් 250කටත් අලෙවි වීම හේතුවෙන් දිනකට පවුලේ පස්දෙනාට ජීවත්වීමට රුපියල් 3000ක මුදලක් අවශ්‍ය වීම හේතුවෙන් නිවස විකුණා ඉන්දියාවට පැමිණීමට තීරණය කළ බව ඔවුන් ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය වෙත සඳහන් කර තිබෙනවා.
රට යැවීම් සිදු කරන නියෝජිතයෙකුට රුපියල් 400,000ක් ගෙවීමෙන් පසු, තමන් ඇතුළු පවුලේ උදවිය ධනුෂ්කොඩි වෙත බෝට්ටුවකින් පැමිණි බවයි එහි සිටි කාන්තාවක් සඳහන් කර ඇත්තේ.
මෙම සරණගාත පිරිස මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06