2023 අප්‍රේල් 30, පෙ.ව. 6:20
            
වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක් වන වඩුන්නාගල් නොහොත් වෙඩුක්කුනාරි ස්ථානයේ කඩා ඉවත්කොට තිබූ ශිව දේව පිළිමය වෙනුවට අලුත් පිළිමයක් තැන්පත් කිරීමට වව්නියාව ගරු මහෙස්තාත් අධිකරණය අවසර ලබාදුන් බවට ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියා.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ වව්නියාව අධිකරණයේදී වෙඩුක්කුනාරි පුරා විද්‍යා ස්ථානයේ ඉදිකොට තිබූ ශිවදේව ප්‍රතිමාවක් පසුගිය මාර්තු 26 වනදා කිසියම් පිරිසක් විසින් කඩා කැලයට විසිකිරීම සමබන්ධයෙන් වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ගොනුකොට තිබූ නඩුවක් විභාගයට ගැනීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ,
වෙඩුක්කුනාරි පුරා විද්‍යා ස්ථානයේ කඩා ඉවත්කල දේව ප්‍රතිමාව වෙනුවට අලුතින් දේව ප්‍රතිමාවක් තැන්පත් කරන්න ගරු අධිකරණය විසින් අවසරය ලබා දුන්නා. ඒ වගේම තමයි එම දේව ප්‍රතිමාව තැන්පත් කිරීමෙන් පසුව එහි දේව මෙහෙයන් සිදුකරන කිසිදු බැතිමතෙකුට රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු අයෙකට බාධා නොකල යුතු බවටද අධිකරණය විසින් නියෝග කොට සිටි බවටත්ය.
වෙඩුක්කුනාරි පුරා විද්‍යා ස්ථානයේ පිහිටි හින්දු කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් දේව ප්‍රතිමා කඩා ඉවත්කිරීමට එරෙහිව වව්නියාව අධිකරණයේදී ගොනු කොට තිබූ නඩුවක් වෙනුවෙන් එම කෝවිල් භාරකාර මණ්ඩල පාර්සවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුලු නීතීඥයින් පිරිසක් සහභාගී වී සිටියා.
කෙසේ වෙතත් වෙඩුක්කුනාරි පුරා විද්‍යා ස්ථානයේ තිබූ දේව ප්‍රතිමාව වෙනුවට අලුත් ප්‍රතිමාවක් පමණක් තැන්පත් කල හැකි බවටත් ඊට අමතරව කිසිදු ඉදිකිරීමක් අදාල ස්ථානයේ සිදුකල නොහැකි බවටද වව්නියාව මහෙස්ත්‍රාත් දේවාරාජා සුභාජිනි මහත්මිය විසින් නියෝග කොට සිටියා.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06