hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 මැයි 01, පෙ.ව. 12:03



සුඩානයේ ගැටුම්වලට මැදිව සිට මුදාගත් පළමු ඇමරිකානු කණ්ඩායම නැගෙනහිර අප්‍රිකානු වරාය වෙත ලඟා වී තිබෙනවා.

ගොඩබිම ඔස්සේ අතිශය අවධානමක් සහිතව ඇමරිකානු ජාතිකයන් 300 ක පමණ පිරිසක් රැගත් බස් රථ පෙළ පෝට් සුඩාන් සිට කිලෝ මීටර 800 ක් පමණ දුරින් පිහිටි ආරක්ෂිත ස්ථානයක් කරා ළඟා වූ බවටයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ.

ඇමරිකානුවන් 16,000 ක් පමණ සුඩානයේ සිටින බවට ඇස්තමේන්තු ගතකර ඇති අතර ගැටුම්වලින් මුදාගෙන ආරක්ෂිතව ඉවත්කරගත් පළමු කණ්ඩායම එය බව සඳහන්.

මේ අතර සුඩානයේ ගැටුම්වලට මැදිව සිට මුදාගත් තවත් ඉන්දීය ජාතිකයන් 229 දෙනෙකු සෞදි අරාබියේ ජෙඩා නුවරින් බෙංගලූරු ගුවන්තොටුපළ කරා යාමට අද පිටත්ව ගොස් තිබෙනවා.