hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 03, පෙ.ව. 1:22



මෙරට ජනගහනයෙන් සියයට 25ක් විටමින් ඩී ඌනතාවෙන් පෙළෙන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසනවා.

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භණී මවුවරුන් යොදා ගනිමින් දිවයින පුරා කළ සමීක්ෂණයකින් මේ බව තහවුරු වූ බවත් මෙය තරමක අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඇය කියා සිටියා.

විටමින් ඩී ඌනතාව අවම කර ගැනීමට හැකි අවස්ථාවන්වල හිරුඑළියට නිරාවරණය වීම වැදගත් නමුත් පවතින අධික හිරුඑළියට  නිරාවරණය නොවිය යුතු බවද ඇය ප්‍රකාශ කළා.

මේ වන විට පවතින අධික හිරුඑළිය ඉතා උෂ්ණ අධික බවත් විටමින් ඩී ඌනතාවට හෝ විටමින් ලබා ගැනීමට අපේක්ෂාවෙන් බොහෝ කාලයක් හිරුඑළියට නිරාවරණය නොවිය යුතු බවත් ඇය පැවැසුවා.

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භණී මවුවරුන්ට පවතින විටමින් ඌනතාව පිළිබඳව අවධානය  ලබාදීම වැදගත් බවත් මාස කිහිපයකට වරක් හෝ වෛද්‍යවරයෙක් මාර්ගයෙන් විටමින් ඌනතාව පිළිබඳව උපදෙස් ලබාගත යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Example Image