2023 මැයි 02, ප.ව. 1:11
ඩීසල් මිල රුපියල් 15 කින් පහත දැමුවද බස් ගාස්තු අඩු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
“පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක කිරීමට අමාත්‍යවරයා මෙතෙක් කිසිම පියවරක් ගෙන නැහැ. ඒකෙ විපාකය අද මගී ජනතාවට විඳින්න වෙලා. ඉන්ධන මිල අඩුකරලා මගී ජනතාවට රුපියලක්, දෙකක් අඩුකරලා එහි වාසිය දුන්නට ප්‍රායෝගික නැහැ. විද්‍යුත් ක්‍රමවේදයකින් කාඩ් පතකින් මගීන්ට මුදල් ගෙවන්න සැලසුම් කළොත් අපිට අනිවාර්යයෙන්ම මේ සහනය ජනතාවට දෙන්න පුළුවන්. ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළොත් අපිට හෙට බස් ගාස්තුව අඩුකරන්න පුළුවන්.”
2026 අගෝස්‍තු 04, ප.ව. 5:26
2026 අගෝස්‍තු 04, ප.ව. 4:10
2026 අගෝස්‍තු 04, ප.ව. 3:55
2026 අගෝස්‍තු 04, ප.ව. 3:50
2026 අගෝස්‍තු 04, ප.ව. 3:09