2023 මැයි 03, පෙ.ව. 12:04
            
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06