2023 මැයි 04, පෙ.ව. 5:39
2022 වසරේ ජූලි මස 09 වෙනිදා සිද්ධ වූ එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා නම් කර තිබුණා.
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කර තිබූ නියෝගය ප්‍රකාරව ජේෂ්ඨ රංගා මහතා ඊයේ දින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
අනතුරුව රුපියල් 20,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප මත මුදා හැරීමට ඊයේ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා නියෝග කළා.
කෙසේ වෙතත් ජේ. ශ්‍රී රංගා මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඔහු රිය අනතුරක් සම්බන්ධ නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී.
ජේ. ශ්‍රී රංගා මහතා බන්ධනාගාර බස් රථයට ගොඩ වෙන අවස්ථාවේදී මෙසේ සඳහන් කළා.
“කට වහලා බොරුව ආරක්ෂා කරලා. අපිව හිරගෙදරට දාන්න තමයි හදන්නේ. නඩු පිට නඩු දාන්නේ රජය වෙන කවුරුත් නෙවෙයි. පොලිස්පතිට තව සේවා දිගුවක් හම්බ වෙයි.”
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07