hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 මැයි 05, පෙ.ව. 11:46



වෙසක් දිනයට පෙර දිනයේ ඊයේ (04) කඩවල විද්‍යාලයේ සිසු දරුවන් කඩවල පුරාණ විහාරස්ථාන භූමියේ සිල් සමාදන් වූ අතර එම ආගමික වතාවත් සිදු කළේ විහාරස්ථානයේ වැඩ වසන රඹෑවේ නන්දසාර සාමණේර (14) හිමිනම විසින්.

පහ වසර ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වුවත් ගිහි ජීවිතය අතහැර පැවිදි දිවියට පත් නන්දසාර හිමි ධර්ම දේශනාවට හා කවි බණ කීමට සමතෙක්.

අද (05) වෙසක් පෝය නිමිත්තෙන් විහාරස්ථානයේ පැවැත්වෙන සියලු ආගමික වතාවත් හා සවස් යාමයේ සිදු කරන අටවිසි බුද්ධ වන්දනාමය වැඩසටහන් සිදු කරන්නේද මේ සාමණේර හිමි නම විසින් බවත්, තම ගෝලයාගේ සහජ දක්ෂතාවන් ඔප් නැන්වීම සඳහා මේ අවස්ථාව උදාකර දෙන බවත් විහාරාධිපති හිරියාල හත්පත්තුවේ සංඝනායක රඹෑවේ ආනන්ද නාහිමියෝ පැවැසූවා.