hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 06, පෙ.ව. 12:25



අද (06) දිනයේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.