hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2023 මැයි 08, ප.ව. 7:52



විදුලි ගාස්තු අවම වශයෙන් සියයට 20 කින් වහාම අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ විදුලි ඉල්ලුම අධි තක්සේරු කර පසුගිය පෙබරවාරි මස සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බවයි රත්නායක මහතා පෙන්වා දෙන්නේ.

එම අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසම යෝජනා කළ පරිදි සියයට 35 කින් පමණක් විදුලි ගාස්තු ඉහළ දැමුවේ නම් ජනතාවට මෙතරම් පීඩනයක් ඇති නොවන බව ද ඔහු සඳහන් කළා.