hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 මැයි 09, ප.ව. 4:14



සුළඟේ වේගය වැඩි විමේ අවදානමක් නිසා, උතුරු අක්ෂාංශ 02 – 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 85 – 100 අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර අගයක් විය හැකි අතර එය විටින්විට පැයට කිලෝමීටර් 70ක් දක්වා වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය විය හැකි බවයි.