hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 මැයි 10, ප.ව. 7:11



15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවටයි දැරියගේ මව චෝදනා කරන්නේ.

15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා දැරිය දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ කෞෂානිගේ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වනදා ඇගේ නිවසට පැමිණ තර්ජනය කර තිබු බවයි වාර්තා වන්නේ.

පැහැරගැනීමට ලක් වූ බව පැවසෙන අදාළ දැරිය සිය මව වෙත වීඩියෝ පටයක් යොමු කර තිබුණා.

https://youtu.be/AhLaQsEegc8