hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 10, ප.ව. 10:11


කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට

කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමැත්තාට පහරදීමේ චෝදනාවට අදාළවයි.

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.