hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 මැයි 12, පෙ.ව. 10:14



ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වෙසක් සතිය මැයි 5 වෙනි පුරපසළොස්වක දා සහ මැයි 7 ඉරිදා විවිධ අංශයන්ගෙන් සමන්විතව අලංකාර ලෙස සිදු කෙරුණා.

පුරපසළොස්වක පොහෝදා සිංහල සීල සමාදානය සිදු කෙරුණු අතර ජාත්‍යන්තර වෙසක් උළෙල මැයි 7 ඉරිදා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිනී හිමාලී අරුණ තිලක මහත්මිය එම මහතා, කාම්භෝජ තානාපතිවරයා, එම මහත්මිය, වියෙට්නාම් හිටපු තානාපතිවරයා, මහත්මිය පුධාන ශ්‍රී ලංකා, තායි, ලාඕස්, වියට්නාම්, කාම්භෝජ, බංග්ලාදේශ, පුංශ හා ස්විස් ජාතික බොහෝ සැදැහැවත් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකළ අතර එදින යුරෝපීය ජාතිකයන් 17 දෙනෙකු අට සිල් සමාදන්ව සවස 5 දක්වා භාවනා ධර්ම සාකච්ඡා වැඩ සටහන් රාශියකට සම්බන්ධ වීම විශේෂත්වයක්.

දහවල දානයෙන් පසුව 108 වරක් බුදුරදුන් අභියස ධර්ම කරුණු 108 ක් සමරමින් නැමී වන්දනා කිරීම කාගේත් නෙත් සිත් ශ්‍රද්ධාවෙන් ඉහවහා ඉපිල ගිය නැවුම් අත්දැකීමක්ම වුණා.