2023 මැයි 13, පෙ.ව. 11:13
ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පතිවරයාට තම නිල නිවස ඉදිරිපිටදී නොහඳුනන පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන පහර දුන් බවට විදුහල්පතිවරයා විසින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
විදුහල්පතිවරයාගේ බිරිඳ අසනීපවීම නිසා ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර ඊයේ රාත්‍රි 11.30 පමන රෝහලෙන් පිටවී නිල නිවස කරා මෝටර් රථයෙන් පැමිණ තිබුණා.
එසේ පැමිණ නිල නිවසේ ගේට්ටුව විවෘත කිරීමට මෝටර් රථයෙන් පිටතට පැමිණීමේදී මෝටර් රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන තමාට පහර දුන් බවත් එම අවස්ථාවේ අසල් වැසියන් පැමිණි විට පහර දුන් පුද්ගලයා යතුරුපැදියද දමා පලා ගිය බවට විදුහල්පතිවරයා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මේ අතර මෙම පහරදීම සිදු කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:15