hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 14, ප.ව. 8:04



30 වැනි වරට පවත්වන ලද වාර්ෂික ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානයට ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිබෙනවා.

බෑගට් යනු යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයකි. තුනී පිටි ගුලියකින් නිශ්පාදනය කරන බෑගට් නැමැති සම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මගින් එය වෙන්කර හඳුනාගත හැකියි.

ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූ තර්සාන් සෙල්වරාජා (37) නැමැති ශ්‍රී ලාංකිකයෙක් මෙම තරඟයෙන් ප්‍රථම ස්ථානයට දිනාගත් බවයි සඳහන් වන්නේ.

මෙම තරඟයට අනුව පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බර ඇති බෑගට් දෙකක් සෑම බේකරිකරුවෙකුම ඉදිරිපත් කළ යුතු වනවා.

ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් ජුරි සභාවක් විසින් සෙල්වරාජාව තෝරා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ජයග්‍රහණයත් සමග ඔහුට යුරෝ 4000ක් සමග පුරා වසරක් ප්‍රංශ ජනාධිපතිවරයාට බැගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව ගැබී තිබීම විශේෂත්වයක්.

හොදම බැගට් සෑදීමේ රහස කුමක්දැයි සෙල්වරාජාගෙන් පුශ්න කළ විට, ඔහු පවසා තිබුණේ හොඳම පිටි සහ හොඳ වට්ටෝරුවක් පමණක් භාවිතා කරන බවයි.

Example Image