2023 මැයි 16, ප.ව. 1:20
යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අවට දෙමළ ජනතාව විශාල පිරිසක් මේ වන විටත් ඉදිරිපත් වී සිටිනවා.
ඔවුහු විශාල පෙරහැරකින් විහාරස්ථානයේ වෙත පැමිණ විහාරාධිපති ගිංතොට නන්දාරාම නායක හිමියන්ගේ ධර්ම දේශනයකට සවන් දී පසුව පැවති විශේෂ බුද්ධ පූජාවෙන් අනතුරුව පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබාගත්තා.
අනතුරුව පළාතේ දෙමළ දායකයන් හා විහාරාධිපති හිමියන් විසින් මේ වැසියන් සඳහා බත් දන්සලක් පැවැත් වූ අතර ඊට සහභාගි වූ යාපනයේ වැසියෝ ආගමික ස්ථාන සම්බන්ධයෙන් විරසකවීම් හා විරෝධතා පැවැත්වීම නතර කොට ආගමික සහනශීලී භාවය ඇති කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වැඩසටහන සදහා යාපනයේ වෙසෙන ආගමික නිදහස අගයන සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් සහභාගී වූ අතර මෙහි තරුණ සහභාගිත්වය කැපී පෙනෙන කාරණයක් වුනා.
2025 ජනවාරි 08, පෙ.ව. 12:11
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:05
2025 ජනවාරි 08, පෙ.ව. 12:05