hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 17, පෙ.ව. 1:08



බ්‍රිට්‍රෝ දර්ශකය කියන්නේ ඩෙංගු මදුරු කීටයන්ගේ ඝනත්වය මනින ජාත්‍යන්තර ඒකකය.

එහිදී සලකා බැලෙන්නේ ඩෙංගු වෛරසය වැඩියෙන්ම ව්‍යාප්ත කරන ඊඩිස් ඊජිප්ටයි මදුරු ගහනය කෙතරම් ප්‍රමාණයක් සිටිනවාද යන වග.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලට අනුව යම් රටක යම් ප්‍රදේශයක ඊඩීස් ඊජිප්ටයි මදුරුවන්ගේ ඝනත්වය තුනකට අඩු අගයකින් පවත්වා ගත යුතුයි.

බ්‍රිටෝ අගය යම් ප්‍රදේශයක තුනත් පහත් අතර අගයක් ගන්නවා නම් එය අවධානම් සහගත තත්වයක්.

මේ කරුණු සමඟ සංසන්දනය කරද්දී අවධානම් සහගත කරුණ වන්නේ නවතම සෞඛ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ බ්‍රිටෝ අගය හයක්.

කොළඹ දිස්ත්‍රික්කයේ බ්‍රිටෝ අගය පහයි දශම පහක්.

එයින් කියවෙන්නේ, ඩෙංගු බෝවන ස්ථාන රැසක් ඔබ නොදැනුවත්වම ඔබේ වටපිටාවේ තිබෙන බවයි.

Example Image