2023 මැයි 17, ප.ව. 7:09
ළමුන් පැහැර ගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරත වෙන්නේ යැයි බියක් හේතුවෙන් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයක ජනතාව විසින් සැක කටයුතු පුද්ගලයින්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා.
කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ සැකකටයුතු වෑන් රථයක් නිරීක්ෂණය වූ ගම්වාසීන් පිරිසක් විසින් ඊයේ (16) සවස අදාල වෑන් රථය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව වෑන් රථයේ සිටි පුද්ගලියින් තිදෙනෙකු පහරකෑමට බියෙන් නිවසක කාමරයකට ඇතුල් වී තිබෙනවා.
පසුව ගම්වාසීන් විසින් ඔවුන් පැමිණි වෑන් රථයටද හානි කොට නිවසේ ජනෙල් කඩා අදාල සැකකරුවන්ටද පහරදී පොලීසියට භාරදී ඇති අතර ගම්වාසීන්ගෙන් පහරකෑමෙන් තුවාල ලැබූ එම සැකකරුවන් තිදෙනා කිලිනෝචිය රෝහලට ඇතුලත් කල බවට කිලිනොච්චිය පොලීසිය පැවසුවා.
අදාල සැකකරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් ළමුන් පැහැර ගැනීමක් ගැන නොදන්නා බවටත් භාණ්ඩ අලෙවිය සඳහා පැමිණීමේදී ප්‍රදේශවාසීන් තමන්ට පහරදීමට පැමිණී හෙයින් බියට පත්වී නිවසකට ඇතුල් වූ බවටත්ය.
මේ අතර යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදීද සැකකටයුතු පුද්ගලයෙකුට ළමුන් පැහැරගැනීමට උත්සහ ගත්තේයැයි සැකපිට ප්‍රදේශවාසීන් විසින් අදාල පුද්ගලයා අල්ලා පොලීසියට භාරදීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල පුද්ගලයා වව්නියාව දිස්ත්‍රීක්කයේ පදිංචි වූ අයෙකු බවටත් ඔහු දින කිහිපයක් නොමැති බවට වව්නියාව පොලීසිය පැමිණිල්ලක්ද ගොනුකොට ඇති අතර අදාල පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන අයෙකු බවටත්ය.
පවතින වාතාවරණය හමුවේ ළමුන් පැහැරගැනීමේ යන බිය හේතුවෙන් දෙමාපියන් මෙන්ම උතුරේ ජනතාව මේ වන විට කිසියම් නොසන්සුන්තාවයකින් සිටින අතරම සැකකටයුතු වාහන සහ පුද්ගලයින්ට පහරදීමටද වැඩි අවස්ථාවක් පවතින බවටත් පොලීසිය වැඩිදුරටත් පවසනවා.
වන්නි – රොමේෂ් මධුෂංඛ
2025 මැයි 04, පෙ.ව. 12:28
2025 මැයි 04, පෙ.ව. 12:27
2025 මැයි 04, පෙ.ව. 12:23
2025 මැයි 04, පෙ.ව. 12:20
2025 මැයි 04, පෙ.ව. 12:19