2023 මැයි 18, පෙ.ව. 2:22
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් සිදු කළ අක්ෂි ශල්‍යකර්ම වලින් මුළුමනින්ම අන්දභාවයට පත් වූවන් 10ක් නොව 70කට ආසන්න බව නුවරඑළිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකවරුන්ගේ එකමුතුව වන අන්තර් ආගමික කවයේ සර්ව ආගමික ප්‍රධානින් පැවසුවා.
සර්ව ආගමික නායකයින් ඒ බව කියා සිටියේ ඊයේ (17) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදි මාධ්‍යට අදහස් දක්වමින්.
වැඩිදුර අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික නායකවරුන්ගේ ප්‍රධානීන් මෙසේ සඳහන් කළා,
“අප්‍රේල් මාසය තුළ සැත්කම්වලින් පසු බෙහෙත් වැරදි සංකූලතා ඇති වුවත් 10-11 වශයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහල් අධ්යක්ෂවරයා කියා සිටියද එය මුළුමනින්ම බොරුවක් අපට ලැබුණු තොරතුරු අනුව එම ප්‍රමාණය හැටක් හැත්තෑවක් වෙනවා. රෝහල් අධ්යක්ෂවරයා තොරතුරු සඟවා මාධ්‍යයට ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණකි. ඇතැම් රෝගීන් නැවත රෝහලට එන්න බය වෙලා තමන්ගේ නිවෙස් වලම දුක දරාගෙන සිටිනවා. තවත් ඇතැම් රෝගීන් රෝහල වෙත පැමිණිය ද ඔවුන්ට මාස තුනකින් මාස හයකින් වගේ කාලයකින් රෝහලට පැමිණෙන කියා උපදෙස් ලබා දී රෝහලින් පිට කර යවා තිබෙනවා. එම රෝගීන් හිතාගෙන ඇති මාස දෙකකින් තුනකින් අපිට හරියයි කියලා ඒත් ඇත්තටම ඔවුන්ගේ ඇස් අන්ධ වෙලා කියලා උන් වත් දන්නෙ නැතුව ඇති. රෝහලෙන් ලබා දුන් තොරතුරු අනුව ගරු ජනාධිපතිතුමන් විශේෂ කමිටුවක් පිහිටුවලා ඒ දහ දෙනාට වන්දි මුදල් ලබා දෙන්න සූදානම් කරනවා.
එයට කලින් අපි මුලින්ම කළ යුත්තේ මේ සංකූලතාවලින් අගතියට ලක් වූ මුළු ප්‍රමාණය සොයා ගැනීම ඒ සඳහා විශේෂ දුරකථන අංකයක් හෝ හඳුන්වා දී ඒ අයව සම්බන්ධ කරගත යුතු වනවා. ඉන් අනතුරුව නුවරඑළියෙ ප්‍රධාන නිලධාරීන් යටතේ මෙහෙයවන කමිටුවක් පත්කර මෙම සිද්ධි අග මුල සොයා බලා ඉන් අනතුරුව ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍යයි. මේ අන්ධ භාවයට පත්වෙලා තියෙන්නේ නුවරඑළිය අහිංසක ගොවි ජනතාවගේ වතු කම්කරුවන් වතුකම්කරුවන් විශාල ප්‍රමාණයක්.ඒ වගේම තමයි කිසිවක් කර කියා ගත කියාගත නොහැකි මව්වරුන් විශාල ප්‍රමාණයක් ද මේ අතර සිටිනවා.
ඕනෑම ජීවියෙකුට ජීවත්වීමට අවශ්‍ය වටිනාම අවයව තමයි ඇස් දෙක කියලා මේ ඇස් දෙක අන්ධ වන තරමට රජයේ නොසැලකිලිමත් භාවය සර්ව ආගමික නායකයන් හැටියට අප තරයේ හෙලා දකිනවා. මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බලධාරීන් කිසිවෙකු නෑ දේශපාලකයන් කිසිවෙකු නෑ ඒ නිසයි අපි තීරණය කළේ සර්ව ආගමික නායකයන් හැටියට අපගේ ආගමිකයන් වෙනුවෙන් නොබියව ඉදිරිපත් වෙන්න. අප රජයෙන් ඉල්ලා සිටිනවා මේ ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදීමට රජය මේක වඩාත් සක්‍රීයව මැදිහත් විය යුතුයි ඒත් එක්කම ඉදිරියට රජයෙන් නොසැලකිලිමත් බවෙන් මෙවන් අකටයුතු සිදුවීමට කිසිසේත් ඉඩ නොතැබීමේ වගකීමක් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ආහාර ගත යුතුයි.” යනුවෙන් ඔවුන් ප්‍රකාශ කළා.
ආගමික නායකවරුන් ගෙන් එල්ල වූ චෝදනාව පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතාගෙන් ඒෂියන් මිරර් අප කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ ආගමික නායකයන් සිදු කරන චෝදනාව පිළිගත නොහැකි අතර අප්‍රේල් පස්වන දින සැත්කම් 34ක් පමණක් සිදුකල කල බවත් එදින සැත්කම් සිදුකළ අයට පමණක් දැනට විසබීජ අඩංගු යැයි අනාවරණය වූ බෙහෙත අක්ෂි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබුනු බවත් රෝහල් අධ්යක්ෂවරයා පැවසුවා.
ශාස්ත්‍රපති ගුරු උපදේශක පූජ්‍ය බෝගොඩ සුමේදාලංකාර හිමි, ආචාර්ය බ්‍රම්ම ශ්‍රී නන්දකුමාර් ගුරුක්කල්තුමන්, මොහොමඩ් අන්වර් අස්ලම් ඉර්ෂාදි මවුලවිතුමන්, ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන පූජක දේවගැති හසිත කුමාර පූජක තුමන් සහ අන්තර් ආගමික කවයේ සාමාජික එම්.අයි.එම්.ඉම්තියාස් මෞලවි තුමන් මෙම අවස්ථාවට සහභාගි වුණා.
හැටන් – රංජිත් රාජපක්ෂ
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06