hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 මැයි 18, ප.ව. 9:14



හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව විසින් ඉකුත් 12 වනදා සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ ශ්‍රී ලාංකික සැකකරුවන් 06 දෙනා කොළඹ වරාය වෙත අද (18) රැගෙන එනු ලැබුවා.

මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 125ක්.

මෙම වැටලීම ශ්‍රී ලංකාවට කිලෝමීටර් 760ක් දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකර තිබුණා.

රාජ්‍ය බුද්ධි සේවාව, නාවික හමුදාව සමග එක්වී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘විජයබාහු’ නෞකාව මගින් මෙහෙයුම දියත් කර තිබුණා.

මේ අතර ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට රේගු වරාය පාලන ඒකකයට හැකිවී තිබෙනවා.

මෙලෙස සොයාගෙන තිබුණේ, ෂීෂා යන්ත්‍ර සඳහා භාවිතා කරන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය තොගයක්.

රේගු නිලධාරීන් සඳහන් කළේ, කිලෝග්‍රෑම් 8,000 ක ශුද්ධ බරින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 164ක් බවයි.

ඒ අනුව ඔරුගොඩවත්ත, ග්‍රේ ලයින් 01 බහාලුම් පර්යන්තයේදී අදාල බහාලුම පරීක්ෂා කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා.