hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 19, පෙ.ව. 10:47



ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව බවට පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (18) ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා අවසර ලබා දෙන ලෙසත් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් එලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් කිරීම සඳහා යලි නඩුව කැඳවිමට අධිකරණය විසින් දින නියම කර තිබෙනවා.